අවුරුදු පහළොවයි මාස හතක් වයසැති පාසල් ශිෂ්‍යාවක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයකු මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා මැයි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පෙරේදා (21දා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූයේ හිරමුල්ල, දුම්මලසූරිය පදිංචි 21 හැවිරිදි අයෙකි.
දැරිය පාසල් යන බවත් ඇය සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. දැරියගේ මව අනියම් පුරුෂයකු සමඟ ජීවත් වන අතර දැරියගේ පියාද අනියම් බිරියක් සමඟ ජීවත්වන බවද අධිකරණයට වාර්තා විය.
පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ දැරියගේ මවගේ සහ පියාගේ මෙම අනියම් සම්බන්ධතා දැරියට මෙවැනි තත්ත්වයක් ඇති වීමට ඉවහල් වී ඇති බවය. දැරියව කැඳවාගෙන ගිය සැකකරු පොලිසියට පවසා ඇත්තේ දැරිය සමඟ ලිංගික සම්බන්ධතාවක් පැවැත්වූ බවය.
කටාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ලාල් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙයවීය. අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් ලබා ගැනීම සඳහා දැරියව රෝහලට යොමු කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.






