Press "Enter" to skip to content

කොරෝනා වෛරසයෙන් වත්තල 18 හැවිරිදි තරුණියක් මරුට

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි.

18 හැවිරිදි තරුණිය පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අප්‍රේල් 21 වන දා කොවිඩ් නියුමෝනියාව සහ තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ඇත.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

More from GossipMore posts in Gossip »