Press "Enter" to skip to content

එළැඹෙන සති 3 අවදානම්

එළැඹෙන සති තුනක කාලය ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ඒ මහතා පවසයි.

සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින ලෙසද විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050 දක්වා ඉහළ ගොස් තිබේ.ඒ, නව ආසාදිතයින් 516 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගිනි.