Press "Enter" to skip to content

ශ්‍රීලන්කන් යානා තුනකින් උගන්ඩාවට ඇද්ද අභිරහස් පෙට්ටි මොනවද?

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානා 3ක් මගින් පසුගිය පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ එන්ටෙබ්බේ ගුවන් තොටුපළ වෙත මෙට්‍රික් ටොන් 102ක බරකින් යුත් අභිරහස් පෙට්ටි රැසක් ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ ඇද්ද බඩු හඳුන්වා ඇත්තේ ‘මුද්‍රිත ද්‍රව්‍ය’ (Printed Material) ලෙස බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා ඇතත් එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වී ඇති බවද එම පුවත්පත වාර්තා කර ඇත.

පසුගිය පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවය නිල ට්විටර් පණිවුඩයක් තබමින් පවසා තිබුණේ පිටපිටම චාටර්ඩ් ගුවන්යානා තුනක් මගින් මුද්‍රිත ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 102ක් උගන්ඩාවේ එන්ටෙබ්බේ ගුවන්තොටුපොළ වෙත රැගෙන යාමෙන් සිය සමාගම ඉතිහාසගත වූ බවයි.

නමුත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසා සිටීමත් සමග එම ට්විටර් පණිවුඩය ඉවත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබූ බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

(මූලාශ්‍රය : ද සන්ඩේ ටයිම්ස්)

More from GossipMore posts in Gossip »