මනුස්සකම ගිලීගි ගොස් මුදලට යට වුණු සමාජයක ජිවත් වෙන අපට මනුස්සකම ඇති මිනිසුන් හමුවන්නෙත් කලාතුරකින්. එවැනි උතුංග මනුස්සයෙක් ගැන හරි අපූරූ සටහනක් මුහුණු පොතේ දකින්න ලැබුණා. උදව්වක් අවැසිම මොහොතක ගැබිණි මවකට උදව්වක් කළ ඒ උතුම් මිනිසා ගැන සටහනයි මේ.
2021/04/13 දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් අමාරු වෙලා රාගම රෝහලට අරන් යන අතර කටුනායක දී වාහනයේ බ්රේක් ප්රශ්න ක් ඇති වුණා .ඒ අතරෙ අපි වාහනයක් හොයා ගන්නකම් පාරේ ඉද්දී කවදාවත් දැකලවත් දන්නෙවත් නැති කෙනෙක් වාහනය නැවැත්තුවා.ඇයි මොකක් හරී ප්රශ්නයක්ද..ඔයාලට..? නගින්න වාහනයට කියල රාගම හොස්පිටල් එකට ගිහින් දැම්මා.
ඔහු නමින් තිලක් පෙරේරා.මනුස්සකම අබාවයට යන මේ වගේ කාලෙක ඇත්තටම ඔබ මහත්මයෙක්.මතක විදියට ඔබ තුමා නාවල.සර් ඔයා කවුරු උනත් ඒ වෙලාවේ කරේ අපිට වචනෙත් කියන්න පුලුවන් උදව්වක් නෙවෙයි…ඒ හැමදේටම ගොඩාක් පින්.. ඔබටත් ඔබ වගේ ,,දරුවෙක් බිහි කරපු දෙමාපියන්ටත් දේවාශිර්වාද ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා..ඔබටත් නිරෝගී ජීවිතයක් ලැබේවා..






