Press "Enter" to skip to content

අනියම් සැමියා, අනියම් බිරිඳගේ කොණ්ඩය කපා දමලා – ඇති වූ ලැජ්ජාවට අනියම් බිරිඳ වස බීලා

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතල තුවාල සිදු කරන ලද අනියම් සැමියෙකු සැඟව සිටියදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 37 හැවිරිදි තිදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

කොණ්ඩය කපා දැමීම නිසා ලැජ්ජාවට පත් කාන්තාවද වස පානය කිරීම නිසා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

විවාහක දරුවන් දෙදෙනෙකුද සිටින තිදරු මවක්වු 45 හැවිරිදි මෙම කාන්තාව වසර දහයක සිට සැකකරු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මේ අතර පසුගිය දිනෙක දෙදෙනා අතර ඇතිවු බහින් බස්විමක් නිසා සැකකාර අනියම් සැමියා ඇයගේ දිගු කොණ්ඩය කපා දමා ඇති බවත් මේ නිසා සමාජයට මුහුණ දිමට නොහැකිව ලැජ්ජාවට පත් ඇය වස පානය කර ඇති බවත් පරික්ෂණවලදි අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඇයගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

More from GossipMore posts in Gossip »