මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ඒ මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත වූ බව ය.
මිය යන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර සති කිහිපයක සිට ඒ මහතා රෝහල්ගතව සිටි බව රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේ ය.
පසුගිය දින වල වෛද්‍ය දිසානායක මහතා අසනීප තත්ත්වයෙන් පසුවුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේ ය.






