Press "Enter" to skip to content

“…මගේ බිරිඳට ඇන්ටි, ආච්චි කියනවා, දෙයියනේ මොකද්ද කරපු වැරැද්ද එයා..?” – සමිතාගේ සැමියා

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ හැමෝම වගේ ආදරය කරන මියුරු හඬක් හිමි ගායන ශිල්පිනියක්. පසුගිය දවස්වල ඇගේ පෞද්ගලික ජීවිතේ සිදුවුනු යම් යම් සිදුවීම් නිසා, ඇය ගැන බොහෝ දෙනා කතාබහ කරන්න පටන් ගත්තා.

කොහොම වුණත් සමිතාගේ සැමියා චිරන්ත, හදිසියේම මුහුණු පොතට වීඩියෝවක් එකතු කරමින් තමන්ට හා සමිතට එල්ල වන චෝදනාවලට මෙන්න මේ විදිහේ උත්තරයක් දුන්නා.

“මම මගේ බිරිඳ එක්ක, ළමයි එක්ක ආදරෙන් ඉන්නේ. ඇයි ඒක ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ. අවුරුදු එකොළහක් ළමයින් දෙන්නට කිසිම අඩුවක් නොකර, ගොඩක් ආදරේ දීලා ඒ දෙන්නව බලාගත්තා. අපිට නොයෙක් දේවල් කියලා මඩ ගහනවා. සුළු ප්‍රමාණයක් තමයි ඉන්නවා මට සහ පවුලට බනින. සමිතා මට මොකද්දෝ පිනකට ලැබෙනවා. ඒ ලැබිච්ච දවසේ ඉඳලා ඇතමුන් අපිට දේවල් කියනවා. අපිට බනිනවා, මඩ ගහනවා. අන්න ඒ අයගෙන් තමයි මම මේ ප්‍රශ්න අහන්නේ….”

“සමිතාගේ මගේ වයස පරතරය.. මේක ගොඩක් දෙනාට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකම ඔලුවේ තියාගෙන ඒකම කියවනවා. ඉතින් ඇත්තටම මම නම් කියන්නේ ඇත්තම ආදරයක් නම් ඒකට වයස අදාළ වෙන්නේ නෑ. ඒක ඔප්පු කරලා තියෙනවා ගොඩක් රටවල්වල. අවංක ආදරේට වයස ප්‍රශ්නයක් නෙවෙයි. මම මගේ බිරිඳයි ළමයි එක්ක බොහෝම සතුටින් මම ජීවත් වෙනවා. කාටවත් හිංසාවක් පීඩාවක් නැහැ. අපිට වයස ඉලක්කමක් විතරයි.. අපි දෙන්නගේ ආදරේ මැරෙනකන්ම මේ විදිහ තමයි..”

“අපි එහෙම සතුටින් ඉද්දි ඇය ඇතමුන්ට ප්‍රශ්නයක් වෙන්නේ..? ඔයාට කෑවද, අඩුපාඩු මොනාද අහපු නැති අයයි දැන් අපිට බනින්නේ.. ඒ මිනිස්සු ඉස්සර ප්‍රශ්න ඇහුවේ නෑ, ඇයි දැන් අහන්නේ. ඇයි අපි පවුල් ජීවිතේ විඳිද්දි එයාලා එහෙම කියන්නේ…”

“සමිතා ගේ කොච්චර ලස්සන ගීත තියනවාද? ඇස් පියාගෙන අහන් ඉන්න පුළුවන්. ඒක මේ අපිට මිනිස්සු දන්නවද? ඇයි ඒවා අගය කිරීමක් කරන් නැත්තේ..? මෙච්චර දේවල් කියද්දි කොහොමද මගේ බිරිඳ ඉවසගෙන ඉන්නේ.? සමිතාට බනින අයට මම කියන්නේ. මොකක් කරපු හින්දද ? මගේ බිරිඳට ඇන්ටි කියනවා, ආච්චි කියනවා, දෙයියනේ මොකද්ද කරපු වැරැද්ද එයා..? ශේන්ට මොන තරම් දේවල් කිව්වද? “

“ලස්සන පවුල් ජීවිත ගත කරන කවුරුත් අපිට බනින් නෑ. සමිතාගේ අතීතේ මට වැඩක් නෑ, මගේ අතීතෙත් සමිතාට වැඩක් නෑ. ඒ නිසා දවසින් දවස, දිනෙන් දින හැමෝම ආදරේ විඳින්න.. අනිත් අයට දොස් කියන් නැතුව තමන්ගේ පවුල් ජීවිතේ ගෙවන්න..!!”

Link

https://www.facebook.com/watch/?v=468181317963895

More from GossipMore posts in Gossip »