ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීවවිද්‍යාව ඒකකය විසින් කොරෝනාවෛරසයට අදාළව අප්‍රේල් මුල් භගායේ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීවවිද්‍යාව ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ, සපුගස්කන්ද, බත්තරමුල්ල වැඩිහිටි නිවාසය, මන්නාරම, යාපනය, කොළඹ සහ කෑගල්ල යන ප්‍රදේශවලින් ලැබුණු සාම්පල මෙහිදී පරීක්ෂණයට භාජනය කළ බවය.
මෙම සාම්පලවලින් බහුතරයක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති B.1.411 නමැති කොරෝනාවෛරස් ප්‍රභේදය සහිත සාම්පල බව ඔහු පැවසීය.
නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි කටාර් සිට පැමිණි දෙදෙනෙකුට දකුණු අප්රිකානා වෛරස් ප්‍රභේදය ආසාදනය වී තිබේ.
ඊට අමතරව, බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහිත පුද්ගලයින් 7 දෙනෙකු සහ ඩෙන්මාර්ක් ප්‍රභේදය සහිත තිදෙනෙකු ද වාර්තා වී ඇත.






