Press "Enter" to skip to content

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක 119 කාමරය තුල අලුත්ම විදිහකට කර ගෙන යන ජාවාරම

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිට මෙහෙයවන හෝටල් පැකේජ් සම්බන්ධ අලුත් පිරමිඩ ජාවාරමක් ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

වසර ගණනක සිට විවිධ පීරමීඩ ජාවාරම් මෙහෙය වූ මෙම ජාවාරම්කරු හෝටල් පැකේජ් ලබාදෙන බව කියමින් අලුත්ම පිරමිඩ ජාවාරම තරුපහේ හෝටලයේ සිට කරගෙන යන බව හෙළි වී තිබේ. මෙම මහ පරිමාණ ජාවාරම්කරු නැවතී සිටින හෝටලයේ 119 කාමරයට ප්‍රභූවරුන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන්ද නිතර යන එන බව අනාවරණය වී ඇත.

හෝටල් පැකේජ ඇතුළු විවිධ වරප්‍රසාද පෙන්වා දෙමින් පවත්වාගෙන යන මෙම පිරමීඩ ජාවාරම නිසා ලක්ෂ ගණනින් මුදල් අහිමි වූ විශාල පිරිසක් සිටින බවද අනාවරණය වී ඇත.

අනුරාධපුර, කුරුණෑගල ඇතුළු ප්‍රදේශවල ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ද මෙම වංචාවට හසු වී ඇති බවද අනාවරණය වෙමින් ඇත. යුරෝපය ඇතුළු විදේස් රටවල සිටින අයද වංචාවන්ට හසුවන අතර මෙම ජාවාරම සඳහා විවිධ තනතුරු හොබවන්නන්, නළු නිළියන්, කලාකරුවන් පවා එක් කරගනිමින් වංචාවට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු ජනතාව නොමග යවමින් සිටී.

රුපියල් දහඅට දහසක මුදලක් ගෙවා මෙම හෝටල් පැකේජ් සහිත පිරමිඩයක ආකාරයට ජාවාරම කරගෙන යන බව අනාවරණය වී ඇත.

More from GossipMore posts in Gossip »