ලංකාවේ ප්‍රධාන තෙල් ආනයනික සමාගමක් විසින් සති කිහිපයකට පෙර පොල් තෙල් මෙට්‍රික් ටොන් 8300ක් හා පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 400ක් රේගුවෙන් මුදාගෙන ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.
මෙසේ නිදහස් කරගෙන ඇති තෙල් තොග කාගේ දැයි ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී අදාළ තෙල් තොගය මෙරට ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක් වන පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගමට අයත් ඒවා බව හෙළිකර ගැනීමට හැකි විය.
කෙසේවුවද, ඔවුන් විසින් පිටරටින් ගෙන්වන ලද පොල් තෙල් මෙරට නිෂ්පාදනයක් ලෙස හුවා දක්වමින් මේවන විටත් පාරිභෝගිකයා නොමග යවමින් සුපිරි වෙළඳ සැල්වල අලෙවියට තබා ඇති යුරුද ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.
ජනතාව නිවරදි ලෙස දැනුවත් කරන්නේ නම් මෙහි අදාළ අශුද්ධ තෙල් ගෙන්වූ රට සඳහන් කර එය මෙරටදී පිරිපහදු කළ බව දැක්වීම වරදක් නොවන බව මේ සම්බන්ධ විශේෂඥයෝ පෙන්වාදෙති.
මේ ආර්පිකෝ සුපිරි වෙළඳ සැලක ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන Fortune පොල් තෙල් බෝතල්වල ලේබලයේ මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් ලෙස හුවා දක්වා ඇති අයුරුය.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා මිරර්






