ගන්දර ප්රදේශයේදී 15 හැවිරිදි දැරියක් අපහරණය කොට අතවර කිරීම සහ දෙදෙනකුට ආයුධවලින් පහර දී කපා බරපතළ තුවාල සිදුකර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගන්දර පොලිසිය සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 16, 28, 26 සහ 59 යන වයසෙහි පසුවන අය වන අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටී.
එක් සැකකරුවකු අතවරයට පත් වී ඇති බවට කියන දැරිය හා සම්බන්ධතාවක් තිබී ඇති බවත්, මේ නිසා අධිකරණයේ නඩුවක් තිබෙන බවද දැරිය දෙමාපියනට භාර දී ඇතැයි ද පසුව සැකකරු අතවරයට පත් වී ඇති බවට කියන දියණියගේ පියා හමුවට පැමිණ ඔහු මරණ බවට තර්ජනය කොට ඇය රැුගෙන ගොස් ඇති බවද පසුව ඇය නැවතත් තමාගේ නිවසට පැමිණ ඇති බවද සැකකරු තවත් අයකු සමඟ පැමිණ දැරියගේ පියාට සහ නිවසේ සිටි අයට පහර දී ඇති බවද පවසයි. මෙසේ බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ දැරියගේ පියා සහ ඇගේ සහෝදරයායි. ඔවුන් අවුරුදු 40 සහ 17 වයසෙහි පසුවන බව ද වාර්තා වෙයි.






