Press "Enter" to skip to content

පිහි ඇනුමකින් අවසන් වූ කසාද යෝජනාව

බාල වයස්කාර දැරියකට වයසින් වැඩි අයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරලීමට අනුබල දුන් බව කියන තරුණියකට තියුණු ආයුදයකින් පහරදී මරා දමා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ 19 හැවිරි තරුණියකි. මියගිය තරුණිය ඇගේ පොත් සාප්පුවක සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. තියුණු ආයුද පහර ලක් වූ තරුණිය ගලේවෙල රෝහලට ඇතුළත කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට රැගෙන යද්දි අතරමගදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්යෙන් බාලවයස්කර දැරියගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මියගිය තරුණිය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු හා ළඟම ඥාතීන් බව පොලිසිය කියයි.

More from GossipMore posts in Gossip »