Press "Enter" to skip to content

අන්තර්ජාලයෙන් ගණිකා වෘත්තියේ යෙදුණු සුරූපිනිය කොස්තාපල්ට අහුවෙයි

අධික මිල ගණන් යටතේ අන්තර්ජාලයේ දැන්වීම් පළකර ගණිකා වෘත්තියේ නියැළී සිටි සුරූපී කාන්තාවක ඊයේ (02 දා* දහවල් අත්අඩංගුවට ගැනීමට වාද්දුව පොලිසිය සමත්ව තිබේ.

අත්අඩංගුවට පත්ව ඇති කාන්තාව මහනුවර, පූජාපිටිය ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි.

පොලිස් කොස්තාපල්වරයකු උපාය දූතයකු ලෙසින් යෙදවීමෙන් පසු ඔහුට පානදුර වලාන ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලට පැමිණ ඉහළ මිල ගණන් යටතේ පවතින කාමරයක් වෙන්කර ගන්නා ලෙස සැකකාරිය දැනුම් දී තිබේ.

ඒ අනුව කාමරය ලබා ගැනීමෙන් පසු උප පොලිස් පරීක්ෂක විමංග ගුණවික‍්‍රම ඇතුළු පොලිස් කණ්ඩායම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියගේ ගමන්මල්ල පරීක්ෂා කිරීමේදී නවීන ජංගම දුරකථන 3ක්, අධිශක්ති ජනක පානීය බෝතල් 4ක් සොයා ගත් බව ද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාරිය අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් තවත් කාන්තාවන් කිහිපදෙනකු සමග එක්ව පැයකට රුපියල් හත්දාස් 7,500ක් වැනි අධික මුදලක් ප‍්‍රවාහන පහසුකම් සහිතව අය කරමින් පානදුර සහ වාද්දුව ප‍්‍රදේශයේ සුපිරි හෝටල්වල ජාවාරමේ නියැළී ඇති බවට තහවුරුව ඇතැයි පැවසෙයි.

සැකකාරිය පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, පොලිස් අධිකාරී 1 උදය අමරතුංග, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වාද්දුව ¥ෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමංග ගුණවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන්, කොස්තාපල්වරුන් වන නිශ්ශංක (72156, කාන්තා තනූජා (7300 සහ පො.කො.රි. සිල්වා (94731* යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

More from GossipMore posts in Gossip »