Press "Enter" to skip to content

පොල්තෙල් ගෙන්වූ එක් සමාගමක් දෙවන පරීක්ෂණයෙනුත් අසමත්

පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක්, එම තෙල් සාම්පල දෙවන තත්ව පරීක්ෂාවේදී ද අසමත් වී තිබෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කර තිබේ.

ඇෆලටොක්සීන් පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේය.

මේ අනුව අදාළ සමාගමට අදාළ තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇති.

එසේම තවත් සමාගම් 03ක තෙල් සාම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනාකර ඇති අතර ඒවායේ වාර්තා හෙට (29) ලැබීමට නියමිතය.

එම ප්‍රභල පිළිකා කාරකය අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල සාම්පල යළි පරීක්ෂා කිරීම මේ වනවිට ආයතන කිහිපයක් විසින් සිදුකරමින් ඇත.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හා කාර්මික තාක්ෂණ ආයතනය විසින් එම පරීක්ෂාවන් සිදුකරමින් සිටී

මෙලෙස යළි එම තෙල් සාම්පල පරීක්ෂා කෙරෙනුයේ ‘ ආනයනික සමාගම් විසින් සිදුකරන ලද අභියාචනා සැලකිල්ලට ගෙන බවත් වාර්තා වී ඇත.

More from GossipMore posts in Gossip »