Press "Enter" to skip to content

කොවිඞ් එන්නත නිසා මියගිය හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා අඩුවුවා දැයි සොයනවා

මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා ශීඝ‍්‍රයෙන් අඩුවීමට හේතුවී ඇත්තේ කොවිඞ් එන්නත ලබාදීම නිසා ඇතිවූ සංකූලතාවක් නිසාද යන්න පිළිබඳ තහවුරුකර ගැනීම සඳහා පටකවේද හා රුධිර පරීක්ෂණයක් සිදුකරන බැව් හෝටල් සේවකයාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය.

හෝටල් සේවකයාට මීට සති දෙකකට පමණ ඉහතදී කොවිඞ් එන්නත ලබාදී ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය පැවසුවාය. එන්නත ලබාදුන් දින සිට හෝටල් සේවකයාට උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය හා රුධිර පට්ටිකා අඩුවීම යන සංකූලතා ඇතිවී තිබෙන බවද ඇය පවසන්නීය.

මේ පිළිබඳ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මෙසේද කීවාය.

හෝටල් සේවකයා වයස අවුරුදු 40ක් වන ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා ශීඝ‍්‍රයෙන් අඩුවීම නිසා කරාපිටිය රෝහලට මාරුකොට තිබුණා. කරාපිටිය රෝහලේ දී ඔහු මියගියා. මොහුට වෙනත් කිසිදු අසනීපයක් තිබිලා නැහැ. මෙකී පුද්ගලයාගේ මොළයට රුධිරය ගලා තිබුණා. සිරුරේ අනිකුත් අවයවවල ලේ කැටිති හිරවී තිබුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වුණා.

කොවිඞ් එන්නත නිසා මෙම සංකූලතා තත්ත්වය ඇතිවූ බව අපිට හරියටම කියන්න බැහැ. ඩෙංගු රෝගී තත්ත්වයක් ද නෙවෙයි. රුධිර පට්ටිකා ශීිඝ‍්‍රයෙන් අඩුවූයේ ඇයිද යන්න පිළිබඳ පරීක්ෂණ මගින් තහවුරුකරගත යුතු වෙනවා. ඒබව තහවුරුකර ගැනීිම සඳහා පටකවේද හා රුධිර පරීක්ෂාවක් හා ඇට මිදුළු පරීක්ෂාවක් කරනවා. මියගිය පුද්ගලයාගේ රුධිර පට්ටිකා ශීඝ‍්‍රයෙන් අඩුවීම කොවිඞ් එන්නන නිසා ඇතිවූ තත්ත්වයක්ද යන්න පිළිබඳ තහවුරුකර ගැනීිම සඳහා පරීක්ෂණ සිදුකරන බවද සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය වැඩිදුරටත් සඳහන් කළාය

More from GossipMore posts in Gossip »