අවිවාහක කාන්තාවන් සිටින නිවෙස්ලවලට රිංගා ඇඳ යට සැඟව සිට එම කාන්තාවන්ට ලිංගික අතවර කිරීමෙහි යෙදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවට, සියඹලාගහවත්ත පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
ඉකුත් දිනයක සැකකරු එම ප්රදේශයේ ම පදිංචි 42 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට රිංගා ඇඳ යට සැඟව සිට ඇය අතවර ලක් කිරීමට උත්සහ කර තිබේ.
එම අවස්ථාවේ අදාළ කාන්තාව කෑගසා නිවසින් පිටතට දුව ගොස් ඇති අතර පසුව සැකකරු පළා ගොස් ඇත.
ඒ අනුව, එම කාන්තාව අසල්වැසියන් ද සමග ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මීට පෙර ද කාන්තාවන්ගේ ඇඳන් යට සැඟව සිට අධිකරණයෙන් දඬුවම් ලබා සිටි අයෙකු බව ය.






