Press "Enter" to skip to content

සිංහරාජය ගැන කී දැරියගෙන් කට උත්තර ගැනීම ගැන විපක්ෂ නායකගේ විරෝධය

සිංහරාජ වනාන්තරය හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් භාග්‍යා අබේරත්න දැරිය රූපවාහිනී වැඩසටහනකදී අදහස් පළ කිරීමෙන් පසු ඇයගෙන් කට උත්තරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විරෝධය පළ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සමගි ජන බලවේගයේ පළමු සංවත්සරය වෙනුවෙන් කොළඹ හයිඩ් පිටියේදී පැවති රැළියක් අමතමිනි.

“කොයි තරම් ලැජ්ජ නැති ආණ්ඩුවක් ද කිව්වොත් අර දැරියක් එක්තරා රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ල පරිසරය පිළිබඳව ප්‍රශ්නයක් අහනවා. අවංක හදවතින් ම පපුවෙන් ම උත්තරේ දුන්නා. මේ පපුවෙන් ම දුන්න උත්තරේ සත්‍යයක්. ඒක තමයි මේ මහ පොළොවේ යථාර්ථය. හැබැයි මේ සත්‍යය මේ මහ පොළොවේ යථාර්ථය අද රජයට ඔරොත්තු දෙන්නෙ නෑ. ඇත්ත කතා කරනකොට ඒවා ඉවසා දරාගන්න බෑ. කොයි තරම් පහත් මට්ටමකට ගිහිල්ල ද කිව්වොත් ඒ භාග්‍යා අබේරත්න දැරිය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කොට්ඨාසයේ ජීවත් වන දැරිය හැම දා ම යන එනකොට වන සංහාරය, වන විනාශය ඇස් දෙකට දකිනවා. එතුමිය කියනව හෝටල් හැදුවට වැඩක් නෑ හෝටලයට ගිහිල්ල ඒ පරිසරයේ තිබෙන ඒ සුවඳ ඒ සෞන්දර්යය ඒ ආස්වාදය දැක ගන්නට බැරි නම් මේ කොන්ක්‍රීට් සංවර්ධනයෙන් ඇති ඵලය මොකක් ද කියල. එතුමිය ම අහනවා. හැබැයි මොකක් ද සිද්ධ වුණේ? ප්‍රකාශය කරල පැය කිහිපයක් ගත වුණා විතරයි කට උත්තරයක් ගන්න යනවා. මිත්‍රවරුනි, කට උත්තර දෙන්නත්, කට උත්තර බඳින්නත් කාලයක් ඉස්සරහට එනව..”

mawbima.lk

More from GossipMore posts in Gossip »