Press "Enter" to skip to content

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පියා මරුට… බිරිඳ හා දරු තිදෙනා අත්අඩංගුවට

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් පහර කෑමකට ලක්වු පුද්ගලයකු මිය යෑමේ සිද්ධියක් ඒරාවූර් ප‍්‍රදේශයෙන් වාර්තාවේ. මෙසේ පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ එ්රාවූර් ආරුමුගතාන්කුඩිරුප්පු ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගනේෂ් කුණරාසා නමැති තිදරු පියෙකි.

පහර කෑමට ලක්වූ මොහු බරපතළ තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී 10 රාත‍්‍රි මියගොස් තිබේ. මියගිය අය හා බිරිඳ අතර දීර්ඝ කාලයක සිට නිතරම ආරවුල් ඇති වී ඇති අතර මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකර ඇත. මේ අතර බිරිඳ සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද ඉල්ලා ඇති බවද පොලිසිය සඳහන් කරයි. පහර කෑමට ලක්වු දිනයේ් මියගිය අය තම බිරිඳ හා දරුවන් වෙසෙන නිවසට ගොස් සිටියදී දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී ඇති අතර පසුව එය පහරදීම දක්වා දුරදිග ගොස් තිබේ.

එහිදී බිරිඳ හා දරුවන් මොහුට පහර දී ඇති අතර එයින් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ. පසුව අසල්වැසියන් විසින් මොහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස් තිබේ. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවත්වූ ඒරාවූර් පොලිසිය ඔහුගේ බිරිඳ පුතා හා දියණියන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »