Press "Enter" to skip to content

“මිස් බැන්ඳට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට තරහා ගියා” – සමාධි මිස්ගේ ලස්සනට වහ වැටුනු එකම කන්තෝරුවේ වැඩකරපු පියන්ගේ ප්‍රේතාත්මය හෙළිකරපු ඇඟ කිළිපොලායන කතාව…

අත්තනගල්ලේ සමාධි තිස් හැවිරිදි තරුණ කාන්තාවක්. ඇය සුරංග සමඟ විවාහ වී වසරක් ගත වුණා පමණයි. කිසිදු හේතුවක් නැතිව ඇය නැන්දා මාමා සමඟ රංඩු කරන්න පටන් ගත්තා.


ඊට අමතරව ඇගේ දෙකකුල් ඉදිමී කොර ගසන්නනට වුණා. අසනීපවලට ගත් වෛද්‍ය ප්‍රතිකාරවලින් ද මානසික වෛද්‍ය ප්‍රතිකාර වලින්ද ඇයට කිසිදු සුවයක් ලැබුණේ නැහැ.

සුවයක් නොලද තැන එවුන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ගියා. ආධ්‍යාත්මිය උපදේශකවරයා මුණ ගැසී රෝගාබාධ හා දුක් කරදර විස්තර කළා.

ගවේෂකවරයා ශක්තිකිරණ එල්ලකරන විට සමාධි වෙව්ලන්නටත්, පැද්දෙන්නටත් පටන් ගත්තා. ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා දින 21ක් ගමේ පන්සල් බෝධිපූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් ලබා දුන්නා.

බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ සමාධිගේ ශරීරය තුළින් භූතාත්මයක් දිෂ්ටි ගැන්වී මතුව ආවා. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තා.

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ..”

“මම නාමල්..” භූතාත්මය පිළිතුරු දුන්නා.

“කවුද නාමල් කියන්නේ..”

“මේ සමාධි මිස් වැඩ කරන කන්තෝරුවේ පියන්…”

“ඒ කොයි කාලේද?”

“මීට අවුරුදු පහකට විතර කලින්..”

“ඔබ මොනවා වෙලාද මැරුණේ..?”

“මෝටර් බයික් එකක හැප්පිලා..”

“මැරිලා මොකද වුණේ..?”

“මැරුණු ගමන් සමාධි මිස් හොයාගෙන ආවා..”

“ඇවිත්..”

“සමාධි මිස් දිහා ආසාවෙන් බල බලා හිටියා..”

“ඉතින් ඇයි මේ අයට කරදර කරන්නේ…?”

“තරහට…”

“ඒ මොකද…”

“මේ සමාධි මිස් මම වැඩ කරපු කන්තෝරුවේ එකවුන්ටින්. සමාධි මිස් ලස්සන නිසා මම එයාට ආදරේ කළා. ඒ වුණාට ඒ බව මම එයාට කිව්වේ නෑ. ආදරය ඇඟෙව්වෙත් නෑ. ඔහේ බල බල හිටියා විතරයි..”

“ඇයි නොකිව්වේ..”

“මම පියන්. මිස් එකවුන්ටින්. ඒ නිසා කියන්න බය වුණා. හිතේ තියන් හිටියා විතරයි. ගෙදර ගියත් සමාධි මිස්වමයි මතකයේ තිබුණේ…”

“වෙන මොනවද කළේ..”

“සමාධි මිස්ට උදව් කළා. වෙලාවට තේ එක ගිහින් දුන්නා. කියන හැම දෙයක්ම ආසාවෙන් කරලා දුන්නා. අන්තිමට මිස්ට විරුද්ධ අයගෙන් මම පළිගත්තා..”

“ඒ කොහොමද?”

“රහට තේ දුන් නෑ. ෆයිල් හැංඟුවා. වැඩක් කීවට උනන්දුවෙන් කරලා දුන්නා. කඩේ ගියේ නෑ..”

“ඉතින් මැරුණාට පස්සෙ සමාධි මිස්ගේ ඇඟට රිංගුවද?”

“නෑ නෑ..”

“ඒ මොකද?”

“ජිවත්ව ඉන්දැද්දි වගේ හිතේ බය තිබුණා…”

“ඉතින් ලෙඩ කරන්නේ? කරදර කරන්නේ..”

“මිස් බැන්දට පස්සෙ මට ඉරිසියා හිතුණා. ඒ දෙන්නා එකට ඉන්නවා දකිනකොට මට තරහා ගියා. නැන්දම්මා එක්ක රණ්ඩු කෙරෙව්වා. මම සමාධි මිස් තනියම ඉන්නවා දකින්නයි කැමති. ඒ නිසා ඉස්සර වගේ ළඟට වෙලා බල බලා හිටියා..”

“ඉතින් මෙයාව මරලා අරගෙන යන්න තිබුණා නේද?”

“අනේ නෑ. මට එහෙම හිතුණේ නෑ. මරන්න ඕනි නැහැ. වෙන කෙනෙකුට ළං වෙනවටයි අකැමැති. මම මිස් දිහා බලාගෙන ඉන්නවා. ඒත් අයිති කරගන්න බයයි…”

එසේ කී භූතාත්මය මහ හඬින් හඬන්නට පටන් ගත්තා. බිම පෙරළි පෙරළි හඬන්නට ගත්තා.

“ඇයි මේ අඬන්නේ..?”

“මම සමාධි මිස්ගෙන් ඈත්වෙලා යන්න බැහැ. මහත්තයා මාව ඈත් කරන්න නේද හදන්නේ..”

“ඇයි තමුන්ගේ ගෙදරට යන්න බැරිද? අම්මා තාත්තා දකින්න කැමති නැද්ද..?”

“ඒ මොකවත් මගේ මතකයට එන් නැහැ. සමාධි මිස් විතරමයි. මගේ මතකයේ ඉන්නේ..”

“සමාධි මිස් ලස්සනට හිටියේ එදා. දැන් එයාගේ කකුල් ඉදිමිලා. ඇවිදින්නෙත් කොර ගගහා. පේන් නැද්ද? මිස් දුක විඳිනවා. ඉස්සර හිතේ තිබුණු සතුට දැන් නැහැ. තමුන් මෙයා ගැන හිතුවට වඩා තමුන් ගැන මිස් හිතන් නෑ. මිස්ගේ මනුස්ස ජිවිතයට තමුන්ගේ අමනුස්ස බලපෑම් නිසා මිස් ලෙඩ වෙලා. තමුන් දැන් නාමල් නෙමෙයි. ස්ත්‍රී ශරීරයකට ලොල් වුණු ප්‍රේතයෙක්. දැන් සමාධි මිස්ට සිහිය ආ හැටියේ මම කියනවා ඉස්සර කන්තෝරුවේ හිපු පියන් පෙරේතයෙක් වෙලා ඇවිත් කරදර කරන බව..”

“අනේ… එපා එපා… එහෙම කියන්න එපා..”

“එහෙම නම් ඔය පෙරේත ආත්මයෙන් මිදී නිදහස් වෙන්න හිතන්න. සමාධි මිස් ඒකට උදව් කරාවී….”

“ඒ කොහොමද?”

“සමාධි මිස් රහට බත් උයලා දවස් හතක් හිඟන්නන්ට දානයක් දේවි. පන්සලට හීල් දානයක් දීලා නාමල්ට පින් දේවී. ඒ පින් ලබාගන්න. එතකොට ඔය තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්..”

“අනේ ඇත්තද? මට සතුටුයි ඒකට…”

දින 7ක් හිඟන්නන්ට ආහාර දානයක් පිරිනමා අටවැනි දිනයේ පන්සලට හීල් දානයක් පිරිනමා අවසානයේ තමන්ගේ කාර්යාලයේ වැඩ කළ පියන් සිහිපත් කර පින් අනුමෝදන් කොට නැවත එන්නැයි සමාධිටත් සුරංගටත් ගවේෂකවරයා උපදෙස් දුන්නා.

එසේ දාන මාන පිරිනමා පින් අනුමෝදන් කොට ඔවුන් නැවත පැමිණියා. එදින ද ගවේෂකවරයා ප්‍රේතයා දිෂ්ටි ගන්වා කතා කළා.

“තමන්ට පින් ලැබුණද?”

“ඔව් ලැබුණා. සමාධි මිස් මට පින් දුන්නා.”

“එහෙනම් තවත් කරදර නොකර සමාධි මිස්සේ ශරීරයෙන් ඉවත් වෙලා සිද්ධස්ථානයකට ගිහින් තවත් පින් රැස් කරන්න..”

“මාව ඒ වගේ තැනකට යවන්න මහත්තයා..”

පළතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කළ ගවේෂකවරයා සමාධි අතම භූතාත්මය අනුරාධපුරයට යවනු ලැබුවා.

එදායින් සතියකට පසු සමාධිගේ රෝග සියල්ල නිමා වුණා. ඇය මේ වන විට සතුටින් රැකියාවට යනවා.