Press "Enter" to skip to content

ඉලෙක්ට්‍රික් වාහන මිල ඉහලට

මෙරට ඉලෙක්ට්‍රික් වාහන මිල ඉතාමත් සීඝ්‍රයෙන් ඉහල යමින් තිබෙන බව වාහන අලෙවිකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තෙල් මිල නොසිතූ ලෙස එකවර ඉහළ යාම ඉලෙක්ට්‍රික් වාහන මිල ඉහල යාමට ප්‍රධාන හේතුව බවයි.

ඊට අමතරව ප්‍රධානතම හේතුව ඉලෙක්ට්‍රික් වාහනවල බැටරියේ ආයු කාලය සහ ඒවායෙහි මිල ගණන්.

තවද වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු කිරීම, රක්ෂණාවරණ වාරික මිල ගණන් ඉහළ යාම ඇතුළු තවත් හේතු රැසක් ඊට බලපා තිබෙනවා.

මෙරට වෙළෙදපොලේ ඉලෙකට්‍රික් වාහන අතරින් වැඩියෙන් ජනතාව අතර ප්‍රචලිතම වාහනය නිශාන් ලීෆ් රථය බව නොරහසක්.

අප රටේ ඉන්ධන අර්බුදය පැවති සමයේ රුපියල් ලක්ෂ 10ට 12ට තිබූ නිශාන් ලීෆ් මෝටර් රථ එකවරම ලක්ෂ 50 – 60 ඉක්මවමින් ගියේ සැවොම පුදුමයට පත් කරමින්.

කෙසේ වෙතත් අද වන විට නිශාන් ලීෆ් මෝටර් රථවල මිල ගණන් ලක්ෂ 75ත් 90ත් අතර මිලක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

එලෙස මිල පහළ ගියද නිශාන් ලීෆ් එම මිලටවත් අලෙවි නොවන තත්ත්වයක් මේ වන විට උදාවෙලා.

නිශාන් ලීෆ් මිලදී ගන්නවා නම් සූරිය පැනල හෙවත් සොලර් සිස්ටම් එකක් ගැසිය යුතු බව කාගේත් මතයයි.

එලෙස් සොලර් පවර් සවිකර නිශාන් ලීෆ් රථයක් මිලදී ගන්නේ නම් එය වාසි දායක බව වැඩි පිරිසක් යහපත් ප්‍රතිචාර දක්වයි