Press "Enter" to skip to content

වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ ආරංචියක්

වාහන ආනයනයට යළි අවසර හිමිවීමේදී පළමු අදියර යටතේ බස් සහ ලොරි රථ ගෙන්වීමට අවසර හිමිවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

 එහි සභාපති ඉන්දිය සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා තවත් දින කිහිපයක් ඇතුළත මුදල් අමාත්‍යංශයේ අවසර හිමිවනු ඇති බවයි.

වාහන ආනයනයේ දෙවන සහ තුන්වන අදියර යටතේ මෝටර් රථ ගෙන්වීම ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය අතර කාලසීමාවේදී ආරම්භ වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.