Press "Enter" to skip to content

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි!

මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා.

ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන් හෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර බොහෝ දෙනෙක් එය සොයමින් සමාජ මාධ්‍යන් හී සැරිසරනවා.

කෙසේවෙතත් අදාළ වීඩියෝව ඇතුළත් ලින්ක් එක යැයි සඳහන් කරමින් මේ වන විට WhatsApp සමාජ මාධ්‍ය හරහා සිදුකරන වංචාවක් (scam) පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව අදාළ රංගන ශිල්පිනියගේ නිරුවත් දර්ශන බැලීමේ ආශාවෙන් එම සබැදිය (Link) භාවිතා කළ විට පෞද්ගලික දත්ත සොරාගන්නා වෙබ් අඩවියක් වෙත ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගනකය විවෘත වනවා.

එහිදී ඔබගේ ජංගම දුරකතනයේ ඇති ඡායාරූප, වීඩියෝ මෙන්ම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් දත්ත තුන්වන පාර්ශවයක් වෙතට පත්වීමේ අවධානමක් පවතිනවා.

එබැවින් WhatsApp මාර්ගයෙන් හෝ Facebook Page මත Comments ලෙසට හෝ.පවතින “බලපු නැති අයට මෙන්න ලින්ක් එක” වැනි දෑ මත ඇති Links භාවිතා කිරීමෙන් වැළකීම මගින් අනයගේ පෞද්ගලික දෑ නැරඹීමට ගොස් ඔබගේ පෞද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් අතට පත්වීම වළක්වා ගත හැකියි.