Press "Enter" to skip to content

මළසිරුරකටවත් ඉන්න නොදෙන මිනිස්සු…

මීට කාලෙකට කලින් සතිඅන්ත පුවත්පතකට,
කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා.
ඒකේ තිබුණේ වෙනස්ම විදිහේ මානසික ප්‍රශ්නයක්…

“මම මෝචරියක අත්උදව් වැඩ කරන්නෙ.. දැන් මාස කීපයක්
වෙනවා මම මෙතනට වැඩ කරන්න ඇවිල්ලා. මට තියෙන ප්‍රශ්නේ,
මෙතනට එන ගොඩක් ගෑනූ අයත් එක්ක මාව පුරුදු කරන අයියා
අහවල් වැඩේ (ලිංගිකව එක්වීම) කරනවා.. මේක මම දෙතුන් සැරයක් දැක්කා..”

“ඒ දේ මට හිතට හරියට වද දුන්නා. එකාපාරක් දෙපාරක් නෙවෙයි.
සියපාරක් විතර ඒ දේ මගේ ඇස්වලට පේන්න ගත්තා. මට මැවුණා.
ස්වං වින්දනයේ යෙදුණා.. මට පිස්සු හැදුණා..”

“එක දවසක් ඒ විදිහේ කෙල්ලෙක්ගේ ඩෙඩ් බොඩි එකක් තිබ්බා.
ඒ කෙල්ල ළඟ පාතකමයි. මොකක් හරි හදිසි හාර්ට් ඇටෑක් එක්කලූ.
මාර ම ලස්සනයි‍. ඉටි රූපයක් තනිකරම.. අර අයියා ඒකිගෙනුත්
මනදොළ පිනවගත්තා. අම්මපල්ලා මම මගේ ඇස් දෙකටම දැක්කා..”

“පස්සෙ පස්සෙ මට ෆෝමලින් සුවඳත් එක්ක මාර බැඳීමක් හැදුණා.
ඒ කියන්නෙ නිකන් මට නැතුවම බෑ වගේ අමුතුම හැඟීමක්..
මිනියක් කියලා ගොඩක් අය පිළිකුල් කරද්දි මට මිනියක් දැක්ක
ගමන් මාර සතුටක් ඇතිවුණා. ඒ කියන්නෙ එයාලගේ බඩවැල්
එළියට අදින එකත් පට්ට ආතල් වැඩක් වුණා.. විශේෂයෙන්
ලස්සන ආන්ටිලා කෙල්ලොන්ගේ පණ නැති ඇඟවල් උඩ නඟින්න
මට ආස හිතුණා.. ඒත් මම අමාරුවෙන් මාව පාලනය කරගත්තා..”

“මම ඇත්තටම මේක පාලනය කරන්න බැරි තත්ත්වයක ඉන්නෙ.
මට දිගටම මෙතන වැඩ කරන්න බෑ. ඒත් මාව මගේ හිතින්.පොළඹවනවා
මෙතනම ඉන්න කියලා. ඒක හරිම අමාරුයි.. මට බයයි…
මොකද මම හරි මනුස්සකමින් ඉන්න කෙනෙක්. ඉතින් මේ වගේ වැරැද්දක්
වුණොත් මට මගෙන්ම සමාවක් නැතිවෙයි..”

“මට පුළුවන් නම් මේක විසඳගන්න..
මේකට උත්තරයක් ගන්න, මම සතුටු වෙනවා… මට කොහොමහරි
මේකෙන් මිදෙන්න අවශ්‍යයි..”

මේ පුද්ගලයාට පුවත්පත තුළින් මනෝ වෛද්‍යවරයෙකු විසින් උපදෙස් ලබා දී තිබුණා.

මළ සිරුරු සමඟ සම්බන්ධ වී ලිංගික කාර්යයේ නිරතවීමට දක්වන රුචිකත්වය නෙක්රොෆීලියා (Necrophilia) කියන රෝගී තත්ත්වය ලෙස මනෝ විද්‍යාවේ හඳුන්වයි.

මෙවැනි අය ලිංගික තෘප්තිය ලැබීමට කැමති වන්නේ මළ සිරුරු සමඟ පමණයි.

මෙවැනි පුද්ගලයන් මෙම ක්‍රියාවේ නිරත වන්නේ මෙවැනි අවස්ථා ලැබීමෙන් පමණය.

මෙය රෝගයක් දක්වා දුරදිග නොයාමට එසේ ඇබ්බැහි වන පුද්ගලයින් තරයේ වගබලාගත යුතුය. කොටින්ම මෙම ඇබ්බැහියෙන් ඉතා ඉක්මනින් ඉවත් වීම සුදුසුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවත් විශේෂම කරුණක් ඇත.

එනම් මෝචරිවල මෙවැනි සිදුවීම් වාර්තාවීම කනගාටුදායකය.

එය රටේ නීතිය අනුව අදාළ බලධාරීන් එක්ව මෙවැනි දෑ නොවීමට වගබලා ගැනීම වැදගත්ය.

මෙම සිදුවීම තමන්ගේ කෙනකුට සිදුවුවහොත් තම තමන් කෙසේ මෙයට පිළිතුරු සපයාවිද?

මෙම සිදුවීම දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.

එහෙයින් මෙවැනි සිදුවීම් වාර්තා නොවීමටත්, මෙවැනි ක්‍රියාවල නිරතවන්නන් ඉන් මුදවාගැනීමටත් ක්‍රියාකිරීමට පොලීසියට මෙන්ම රෝහල් බලධාරීන්ටත් වගකීමක් තිබේ