Press "Enter" to skip to content

අනියම් පෙම්වතා සමඟ පැන යාමට, මවක් තුන් හැවිරිදි දියණියව ඝාතනය කරලා

YOUR EXISTING AD GOES HERE

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මුසාෆර්පූර් හි ගමන් මල්ලක තිබී තුන් හැවිරිදි දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් කළ විමර්ශනයන්හිදී අනාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව විත්තිකාරිය වන කාජල් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පසුගිය වසර දෙකක පමණ කාලයක සිට අනියම් සම්බන්ධයක් පවත්වන බවයි සොයාගෙන ඇත්තේ.

ඒ අනුව ඇයට සැමියාව හැර යාමට අවශ්‍ය වූ බවත් තමන් දැරියත් සමඟ පැමිණීම අනියම් පෙම්වතා ප්‍රතික්ෂේප කළ නිසාවෙන් දැරියගේ ගෙල කපා ඝාතනය කිරීමට කටයුතු කළ බවයි ඇය පොලීසිය හමුවේ සඳහන් කර තිබුණේ.

මෙවන් ඝාතන සැලසුමක් සඳහා තමා අදහසක් ගත්තේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘Crime Patrol’ නැරඹීමෙන් බවත් ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

දියණියව ඝාතනය කළ ඇය, පසුව පෙම්වතාගේ නිවසට පලාගොස් ඇති අතර ඇයගේ සැමියා කළ පැමිණිල්ලකට අනුවයි අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ.