ලබන වසරේදී මෙරට වාහන වෙළෙද පොළෙහි කැපී පෙනෙන වෙනසක් සිදුවන ඇති බවට වාහන අලෙවිකරුවන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ අමතර ලීසිං සමාගම් සහ බැංකුවල පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත මෙරට වාහන මේ වන විට පහළ බැස ඇති බවයි.
කෙසේ වෙතත් ලබන වසරේ මුල් මාස කිහිපය තුළදීම වාහන මිල යළි ඉහළ යනු ඇති බව වාහන අලෙවිකරුවන් පෙන්වා දෙයි.
ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ ඩොලරයේ වටිනාකම ලබන වසරේදි තවත් ඉහළ යනු ඇති බවයි.
ඩොලරයේ ඉහළ යාමත් සමග වාහන මිලට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව වාහන අලෙවිකරුවන් සදහන් කරයි.
මේ හේතුවෙන් වාහන මිල පහළ යනු ඇති බවට බියෙන් වාහන අලෙවි නොකරන ලෙද භාවිතා කරන ලද වාහන අලෙවිකරුවන් දැනුම් දෙයි.
Published in Gossip
More from GossipMore posts in Gossip »