Press "Enter" to skip to content

වාහන ආනයනය කළොත් බදුත් ඉහළ යන ලකුණු

YOUR EXISTING AD GOES HERE

පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් වාහන ආනයන බදුද ඉහළ නැංවීමට සිදුවන බව රජයේ ආරංචි මාර්ග කියයි.

රටේ ජීවන වියදම සලකා බලා වාර්ෂිකව වාහන ආනයනයේදී බදු සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එකඟ වී සිටින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

වාහන ආනයනය කළොත් බදුත් ඉහළ යන ලකුණුමත්පැන් සඳහා අය කරන සුරා බද්ද වාහන ආනයනයේදීද අය කෙරෙන අතර, ආර්ථික වර්ධනය සහ උද්ධමන අනුපාතය යන කරුණු ගළපා මෙම බද්ද සංශෝධනය කෙරේ. කෙසේ නමුත්, මුලින්ම අත්‍යවශ්‍ය වාහන පමණක් ආනයනය කිරීමට රජය අවධානය යොමුකර ඇත.

පෞද්ගලික වාහන ආනයනය කරන්නේ නම් විදෙස් සංචිතවලට බලපෑමක් ඇති නොවන පරිදි එන්ජින් ධාරිතාව 1000 ට අඩු කුඩා පරිමාණයේ වාහන ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර ඒ සම්බන්ධව අවසන් නිගමනයකට එළැඹ නැතැයිද අනාවරණය වේ.