Press "Enter" to skip to content

වාහන මිල ලක්ෂ 05 -30 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යයි

YOUR EXISTING AD GOES HERE

වාහන අලෙවි ව්‍යාපාරිකයින් සෑම වාහනයක්ම ලක්ෂ 05 සිට ලක්ෂ 30 දක්වා වැඩි කර ඇති බව වාර්තා වේ.

කුඩා වාහන සේල් කරුවන් ඔවුන් සතු වාහන කිහිපය හැකි උපරිම මිලට විකුණා ඒවා වසා දැමීමටත්, දැනට වාහන තොග ඇති ව්‍යාපාරිකයන් එම වාහන සඟවා මිල ගණන් ක‍ෘත්‍රිමව ඉහළ දමීමටත් මේ තීන්දුව ගෙන ඇති බව වාර්තා වේ.

එසේම ලියාපදිංචි නොකළ වාහන පමණක් අලෙවි කළ ඇතැම් වාහන සේල් මේවන විට ලියාපදිංචි වාහන විකිණීමට පටන්ගෙන තිබේ.

මීට පෙර රුපියල් ලක්ෂ 60-70 ට අලෙවි කළ වාහනවල මේවන විට මිල රුපියල් ලක්ෂ 90-110 අතර මිලකට ඉහළ දමා ඇතැයි ද පැවසේ.

කලින් අලෙවි කළේද ලාභයක් සහිතව බැවින් අලුතෙන් වැඩි කළ මිල අධි ශුද්ධ ලාභයක් බව ආර්ථික විශ්ලේෂකයෝ කියති.

එබැවින් දැනට මෙරටට ආනයනය කර අලෙවි නොකර ඇති වාහන සම්බන්ධයෙන් වහාම සංගණනයක් කරන ලෙසට පිරිසක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.