අද පැවති රජයේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මේ වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවය.
මෙම තීරණයත් සමග මෙරට තුළ භාවිතාකරන ලද මෝටර් රථවල මිල ගණන් යළිත්වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව වාහන අලෙවිකරුවන් පවසයි.
කෙසේ වෙතත් වාහන අමතර කොටස් මිල, වාහන නඩත්තු (සර්විස් කිරීම) ගාස්තු, රක්ෂණාවරණ ගාස්තු සහ ලීසිං ගාස්තු වලින් මෙතෙක් සහනයක් ජනතාවට ලැබී නොමැති බව වාහන අලෙවිකරුවන් සදහන් කරයි.
ඉදිරියේදී එ්වායේ මිල ගාස්තු අඩුවීමත් සමග වාහන අලෙවියෙ ඉහළ යාමක් දකින්නට හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මේ වන විට වෙළෙදපොළේ අලෙවි වන භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් පහතින්,
Premio (2017) – ලක්ෂ 130ත් – ලක්ෂ 135ත් අතර
Aqua G (2012) – ලක්ෂ 48 – ලක්ෂ 56ත් අතර
Vezal (2014) – ලක්ෂ 72 – ලක්ෂ 80ත් අතර
Fit (2012) – ලක්ෂ 47 / ලක්ෂ 53ත් අතර
Vitz (2018) – ලක්ෂ 71 / ලක්ෂ 76ත් අතර
Grace (2014) – ලක්ෂ 69 / ලක්ෂ 74ත් අතර
X-trail (2015) – ලක්ෂ 83 / ලක්ෂ 100ත් අතර
WagonR (2014) – ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර
Mahindra KUV 100 (2020) ලක්ෂ 38 / ලක්ෂ 45ත් අතර
Alto japan (2017) – ලක්ෂ 40යි / ලක්ෂ 45ත් අතර
Panda (2015) ලක්ෂ 19 / ලක්ෂ 23ත් අතර
Alto (2015) – ලක්ෂ 25 / ලක්ෂ 27ත් අතර