මේ වනවිට ක්‍රියාත්මක සියයට 18 වැට් බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව සැලසුම් සකසමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ අනුව අප්‍රේල් මාසයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ප්‍රතිශතයකින් අඩු වීමට නියමිතයි.
කෙසේ වෙතත් තෙල් සහ විදුලිය සහන මේ මස ලබා දීමට ආණ්ඩුව මීට පෙර සැලසුම් කර තිබුනා.
එය අප්‍රේල් මාසයේ මෙම සහන මල්ල සමඟ එකවර ලබාදීමට අදාළ ආයතන තීරණය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
source – monara.com
Published in Gossip
More from GossipMore posts in Gossip »