Press "Enter" to skip to content

පෙම් සබඳතා පටන් ගන්න සුපිරි නැකැතක්, මේ බ්‍රහස්පතින්දා!: මෙන්න වෙලාව

විශිෂ්ට ග්‍රහයෝග සහ නැකැත් රැසක් උදාවූ මෙවර පෙබරවාරි මාසයේ අවසන් දිනයේ, එනම් බ්‍රහස්පතින්දා (29) උසස් සුබඵලදායී යෝග කිහිපයක් යෙදී තිබෙනවා. එදින පෙරවරු 10.01 ට උදාවන ප්‍රබල සුබ මුහුර්තය, වැඩ කටයුතු රැසක් ඇරඹීමට යොදාගත හැකි බවයි ජ්‍යොතිෂ්‍යවේදීන් පවසන්නේ.

බ්‍රහස්පතින්දා උදේ 10.01 ට සිකුරු හෝරාවේ චන්ද්‍ර පංචමය උදාව තිබියදී, තත්කාල මේෂ ලග්නයේ සියලු අවගුණ භංග කරමින් ගජකේශරී රාජයෝගයත්, භූමිලාභ දෙන ‘රුචක’ නම් පංච මහා පුරුෂ යෝගයත් යන සුබ සිද්ධි 02 ක වාසනා ගුණය පිරී පවතිනවා. එදින මුහුර්ත පංචකය ද 07 අභිවෘද්ධි නම් වේ. උදාවී ඇත්තේ උච්ච කුජට හිමි සිත නැකැතයි.

අකුරු කියැවීමට, ව්‍යාපාර ආරම්භයට, භූමිය සම්බන්ධ කටයුතුවලට, භූමි සම්පත් ලැබීමට මෙම නැකැත ඉතා සුදුසු වෙනවා. මෙම යෝගය උදාවී තිබියදී ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධයක් වේ නම්, එය උතුම් යුග දිවියක පදනම සකස් කරනු ඇති. ‍