අත් දෙක ගැට ගසා සිහිසුන් වන තුරු මුහුණට හා හිසට, පහරදී, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම 19 හැවිරිදි දියණිය බරපතළ ලෙස අතවරයට ලක් කළ 40 හැවිරිදි පියෙකු ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය පවසයි.
වින්දිත දැරිය මව, පියා සහ සහෝදරයන් දෙදෙනා සමග නිවසේ ජීවත්ව සිටින අතර සිය මව අසනීප තත්ත්වයෙන් පසු වූ සහෝදරයන් දෙදෙනාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිවසින් පිටව ෙගිය අවස්ථාවේදී නිවසේ සිටියදී පියා විසින් තම දැරියට මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය කියයි.
තමන් පාඩම් කරමින් සිටියදී පියා විසින් හිසරදය යැයි පවසා තම ඔලුවේ තෙල් ගෑමට අඬ ගසා එම කාමරයට ගිය පසු එක්වරම තම මුහුණ සිඹීම හේතුවෙන් එයට අකමැති වූ පසු තම අත් දෙක ගැට ගසා හිසට සහ මුහුණට පහර දුන් බවත් පසුව තමන් සිහිසුන් ව සිට ඇති බවත් දැරිය සිදු කල ප්‍රකාශවල සටහන් ඇති බව පොලීසිය කියයි
දැරිය බිය ගන්වා වරින් වර අවස්ථා කීපයකදී සැකකාර පියා විසින් මෙම දැරිය අතරයට ලක් කර ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් දැරිය මවට පැවසූ අවස්ථාවේදී මව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වින්දිත දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා මෙම දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්. කේ කරුණාතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.
-ada
Published in Gossip