Press "Enter" to skip to content

කොරියන් යන්නද ඉන්නේ එහෙනම් මේ ෆෝම් එකට අහු වුනාද?: ව්‍යාජ ෆෝම් එක ගැන කාර්යාංශයෙන් හදිසි නිවේදනයක්

අන්තර්ජාලයේ සංසරණය වන ව්‍යාජ කොරියානු භාෂා අයදුම්පත්‍රයට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙලෙස අයදුම්පත්‍රයක් විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළ කර නොමැති අතර එහි ඇත්තේ තොරතුරු විස්තරයක් පමණක් බවයි එම කාර්යාංශය පවසන්නේ.

2024 වර්ශයේ කොරියානු භාෂා විභාගයට අදාළ අයදුම්පත්‍රයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එම අයදුම්පත්‍රය කොරියානු භාෂා විභාගයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ව්‍යාජ අයදුම්පත්‍රයක් බවයි එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එමෙන්ම විභාග අයදුම්පත්‍රය සම්පූර්ණයෙන්ම ව්‍යාජ අයදුම්පත්‍රයක් බව කොරියානු HRDK ආයතනයද නිල වශයෙන් තහවුරු කර ඇතැයිද එම ව්‍යාජ Googel Form වෙත ගොස් තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස එම කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොරියානු විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන අපෙක්ෂකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති කොරියානු EPS විභායග සම්බන්ධව උපදෙස් විස්තර මත පමණක් පදනම්ව කටයුතු කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වැඩි විස්තර සඳහා 1988 අමතා ලබා ගන්නා ලෙසත් එම කාර්යාංශය නිවේදනයක් මගින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Monara