ළමා අපයෝජන කොට වරදකරුවන් වූ පුද්ගලයන් ශල්‍ය කර්ම මගින් හෝ වෙනත් රසායනික ක්‍රම මගින් වඳ භාවයට පත් කිරීම සදහා අවශ්‍ය නීති මැඩගස්කර් පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ වන විටත් මේ සදහා සිය විරෝධය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.
මැඩගස්කරය තුළ මෑත කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් ඉහළ යාම මෙවැනි දැඩි නීති ගෙන ඒමට හේතු වූ බව එරට බළධාරීන් පවසයි.
2023 වසරේ දී මැඩගස්කරය තුළ, බරපතල ළමා අපයෝජන සිදුවීම් හයසියයක් වාර්තා වී ඇති අතර, මේ වසරේ ජනවාරි මාසය තුළ පමණක්, දරුවන්ට එරෙහිව එවැනි බරපතල ලිංගික අපයෝජන සිදුවීම් 133 ක් වාර්තා වූ බව මැඩගස්කර් අධිකරණ අමාත්‍යවරිය පවසයි.
අපයෝජකයන් විසින් අපරාධය සිදුකර තිබෙන දරුවන්ගේ වයස අනුව, අපරාධකරුට ලැබෙන වද භාවය, ශල්‍ය කර්ම මගින් වෘෂණ කෝෂ ඉවත් කිරීමක් ද, නැතිනම් රසායනික ද්‍රව්‍යයක් මගින් වද භාවයට පත් කිරීමද යන්න තීරණය වන අතර, ඊට අමතරව, සිරදඩුවම්ද නියම වේ.
සිර දඩුවම, අපරාධයේ බරපතල භාවය අනුව ජීවිතාන්ත සිරදඩුවමක් වීමටද ඉඩ සලසා තිබේ.
Published in Gossip