‘මගේ බිරිඳ අතුරුදන් වෙලා. ඇය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සමඟ සටන් කරයි.. (පසු ප්‍රසව විෂාදය) කරුණාකර මට ඇයව සොයා ගැනීමට උදව් කරන්න. අවසන් වරට දුටු ස්ථානය: අතුරුගිරිය කඩුවෙල පාර…..’ (මේ පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ, බොහෝ පරිශීලකයින් සංවේගයට පත් කළ පෝස්ටුවක්…)
‘බිරිඳක් අස්ථානගත වීම’ සහ ඇය ‘මානසික අවපීඩනයකට ලක්වීම’ අතිශය සංවේදී කාරණාවක් වන නිසාම බොහෝමයක් පිරිස් ‘ඈ’ ගැන හොයන්න උනන්දු වුණා. (නමුත් ඈ ඇත්තටම හමුවුණාද කියන්න දන්නෙත් නෑ….)
ඇය ‘සොයා දෙන’ ලෙස ඉල්ලීමක් කරමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරුණු ‘ඡායාරූප’ අතර, ඇය ‘රෝහල්ගතව’ සිටින ඡායාරූප ද ඇතුළත්.

එතනදි මාත් දැක්කා මෙයාගේ හස්බන්ඩ් පුදුම වදයක් දුන්නා මෙයාට.. facebook
නමුත් වඩා ‘අවධානය’ යොමු වූ කරුණ නම් ඇය සොයා දෙන ලෙස සිදු කෙරූ ‘ඉල්ලීම’ට ඇතැම් පරිශීලකයින් දක්වා තිබූ ප්‍රතිචාරයි.
‘මැය’ සිය සැමියා නිසාම ‘මානසික පීඩනයට’ ලක්ව ඇති බැව් ඈ සියැසින් දුටු ‘අයෙක්’ කියා තිබුණා.

මෙයාට වද දෙන නිසයි ගිහින් තියෙන්නෙ…මේ කෙල්ලට දෙවි පිහිටයි! facebook

‘මෙයා හොයා දෙන්න එපා. මෙයාට මට හොස්පිට්ල් එකේ දී හම්බුණා. මිනිහගේ තිරිසන්කම නිසයි පැනලා තියෙන්නෙ. මෙයාගේ කතාව කාසල් හොස්පිට්ල් එකේ වොර්ඩ් නොම්බර් 01 අහන්න. මෙයාට වද දෙන නිසයි ගිහින් තියෙන්නෙ…මේ කෙල්ලට දෙවි පිහිටයි!!’
‘ඔය කියන කතාව සහතික ඇත්ත. ජූලි 31 මං ක්ලිනික් ගියා. එතනදි මාත් දැක්කා මෙයාගේ හස්බන්ඩ් පුදුම වදයක් දුන්නා මෙයාට… ඩොක්ටර්ස්ලාටත් වද දුන්නා. පව් දෙයියනේ.. එයාගේ පවුලේ කෙනෙකුත් හම්බුණොත් හොඳයි…’

හොස්පිට්ල් එකේ වොර්ඩ් නොම්බර් 01 අහන්න. facebook
නමුත් මේ සම්බන්ධයෙන් මින් එහා ‘සත්‍ය – අසත්යතවයක්’ සොයා ගැනීමට අපට නොහැකි වුණා.
SOURCE -MONARA.COM
Published in Gossip