මෙරට භාවිතා කරන ලද මෝටර් රථ සඳහා VAT බද්ද එකතුවීම හේතුවෙන් කළු කඩ වෙළඳපොලක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවන් කියා සිටිනවා.
මේ හේතුවෙන් භාවිතා කරන ලද වාහන වල මිල අධික ලෙස ඉහළ යමින් ඇති බව සිලොන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය සඳහන් කරනවා.
ඇති වී තිබෙන තත්ත්වය මත භාවිතා කළ වාහන අලෙවි කිරීමෙන් නීත්‍යානුකූල සමාගම්වලට සම්පූර්ණයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් එමඟින් රජයට මෙතෙක් ලැබෙමින් තිබූ බදු ආදායමද අහිමි වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
වසර හතරක පමණ කාලයක් තිස්සේ වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් පහළොස් දහසකට අධික ප්‍රමාණයක් රැකියා අහිමිවී ඇති බවත් මෝටර් රථ කර්මාන්තය තවදුරටත් කඩාවැටීමට ලක්ව ඇති බවත් සංගමය සදහන් කරනවා.I0
Published in Gossip
More from GossipMore posts in Gossip »