Press "Enter" to skip to content

15 හැවිරිදි සාමණේර හිමිනමක් අවස්ථා ගණනාවකදී අපයෝජනය කළ උපාසිකාව…

දෙහිඅත්තකණ්ඩිය, සල්පිටිගම ශ්‍රී ඉන්දසාර ධර්ම නිකේතනයේ වැඩවාසය කළ 15 හැවිරිදි සාමණේර හිමිනමක ලිංගික අපයෝජනයට යොදාගත් බව කියන 58 හැවිරිදි විශ්‍රාමික රෝහල් උපස්ථායිකාවක දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් පසුගිය 25වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් කළ දැනුම්දීමකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම කාන්තාව නිරතුරු විහාරස්ථානයට යන එන උපාසිකාවක බවත් ඒ අවස්ථාවන්හි සාමනේර හිමිනම සමඟ කුළුපගව කථාබහ කරන බවත් ඇතැම්විට ආවාස ගෙය තුළට පවා ගමන් කරන බවත් විහාරාධිපති හිමිගේ පැමිණිල්ලේ දැක්වේ.

ගැටවර වයසේ සිටින සාමණේර හිමියන් කෙරෙහි පවතින දයාව කරුණාව මත මෙම ඇසුර පැවති බවට නිරීක්ෂණය කළද මෑතක සිට සාමණේර හිමිගේ වෙනසක් තිබෙනු නිරීක්ෂණය වූ බවත් ‘වෙනස‘ කුමක්දැයි ඇසූ දේට නිරුත්තර වූ බැවින් බියගන්වා ප්‍රශ්න කරන්නට සිදුවූ බවත් විහාරාධිපති හිමි පවසා තිබේ.

එහිදී අවස්ථා ගණනාවකදී ඇය සිය ලිංගික අවයව සාමණේර හිමියන් ලවා ස්පර්ශ කරන්නටත් හැඟීම් අවුස්සමින් ඇය සමඟ රමණයේ යොදවාගන්නටත් පෙළැඹීම් ඇති කළ බවට සාමණේර හිමි සාක්ෂි දක්වා ඇත.

තමන්ව පොළඹවා ගැනීමෙන් පසුව අදාළ කාන්තාව දිගින් දිගටම පන්සලට පැමිණ එම හැසිරීම්හි නිරතවීමට වද කරන බවත් එම නිසා ඉන් ගැලවීමට නොහැකිව තමන් අසරණවී ඇති බවත් සාමණේර හිමි පවසා තිබේ.

සල්පිටිගම ශ්‍රී ඉන්දසාර විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය පෙරේදා(26) දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට ඉදිරිපත් කරන බවත් සමණේර හිමිනම වෛද්‍ය පරීක්ෂණය සඳහා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඉදිරිපත් කළ බවත් දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.

-aayubo