ජනප්‍රිය නිළියක් ලිංගික අතවරයකට ලක්වීමේ සිදුවීමක වීඩියෝ දර්ශන මේ වන විට සමාජ ජාලවල මුදාහැරීමට ලක්ව තිබේ.
ඉන්දියාවේ ජනප්‍රිය මෙන්ම සුරූපි නිළියක වූ භාවනා මේනන් නමැත්තියගේ වීඩියෝවක් මෙලෙස මුදාහැරීමට ලක්ව ඇත.
2017 වසරේදි පෙබරවාරි 17 වැනිදා තමන්ගේම මෝටර් රථය තුළදී ලිංගික අතවරයට ලක්වූ භාවනාගේ වීඩියෝවක් සාක්ෂි ලෙස උසාවියට ලබාදීමෙන් අනතුරුව එය ආරක්ෂිතව තිබෙනවා වෙනුවට ඒවා මේවන විට පහළ උසාවියකින් සමාජ මාධ්‍යයට ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
2017 වසරේදි ලිංගික අතවරයකට ලක්වීමේ මෙම වීඩියෝ මුදා හැරීම සම්බන්ධයෙන් මේවන විට කේරල ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයට විමර්ශනයක් ඉල්ලා නඩුවක් ගොනු කර තිබේ.
ඇය සඳහන් කර තිබෙන්නේ එම දර්ශන පිටවීමත් සමඟ තම පෞද්ගලිකත්වය උල්ලංඝනය වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු වෙත ලිපියක් යවා තිබේ.
ලිපියේ පිටපත් ජනාධිපති රාම් නාත් කෝවින්ද්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කේරළ මහ ඇමැති පිනරායි විජයන් සහ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.
ඇයගේ ලිපියෙන් ඇය පවසන්නේ අවසරයකින් තොරව දර්ශන විවෘත කිරීම කම්පන සහගත සිදුවීමක් බවයි.
Published in Gossip