Press "Enter" to skip to content

ඒ ගායිකාව බම්බලපිටියෙන් නැග්ගා කොල්ලෙක් එක්ක…. ඒ කරන ඒවා දැක්කාම මට එපා වුණා… මතක් වෙද්දි ඇඟ හිරිවැටෙනවා….

දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, “කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ…” කියලා.

“කොළඹ රුදුරු” වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න “නපුරු රාක්සයෝ” නිය තුඩු උල් කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ හැත්ත තමයි කොළඹ අපවිත්‍ර කරන්නේ…

කොළඹ ටැක්සි ඩ්‍රැයිවර්ගේ දින පොත…
අද තව කොටසක්…

“බොසා ජීවිතේ දැක්ක අමුතුම සීන් එක ඒක.. මට තාමත් හිතාගන්න බෑ,
මොන හේතුවකට මම ඒක දැක්කද කියලා.. මම මේ උන්ව
පාවා දෙනවා නෙවෙයි. බොසා අහපු හින්දා කියන්නෙ..
හැබැයි මගෙන් නමක් ගමක් අහන්න එපා. බොසාට රහසින් කියන්නම්.
නමුත් පොරොන්දු වෙන්න ඕනි මේක පිට යන්න බෑ..”

“මම කාලෙකට කලින් මූණ දුන්න සිද්ධියක්.
මේ දැනුත් මතක් වෙද්දි ඇඟ හිරිවැටෙනවා. මම දන්න පොරක්
තමයි ඒ ගායිකාව සෙට් කළේ. එයාගේ වෙහිකල් එකේ
අවුලක් කියලා මම තමයි ඒ දවස්වල ඔය මියුසිකල් වලට ඇරලුවේ..
එයා හෙන බිසී… ඒ කියන්නෙ එකක් ඉවර වුණ හැටියේ
තව එකකට යන්න ඕනි වෙන තැනකට..”

“ඔය විදිහට රෑ පුරාම මම රවුම් ගහනවා ඉතින්. හැබැයි
මීටරේ ගාණට මටත් හොඳට ගෙවනවා. ඒ නිසා මම
වැඩේ ආසාවෙන් කළේ. අනික ගෑනි හොදයි.. පට්ට සැළකිලි..
සිගරට් නම් ගහනවා ඉවරයක් නෑ. ගන්නකොට
සිගරට් පැකට් දෙකක්වත් ගන්නවා, එකක් මට අනික එයාට..”

“එදා සතිඅන්තේ දවසක් මට මතක හැටියට..
එයාගේ ප්‍රයිවට් වැඩකට ඇරලවන්න පුළුවන්ද ඇහුවා.
හැබැයි මම ආයෙම එයාව ගෙදර ඇරලවන්නත් ඕනි..
බම්බලපිටියෙන් ඒ ගායිකාව තව තරුණ කොල්ලෙක් එක්ක නැග්ගා.
ආ තව ටිකකින් තව කොල්ලෙක් නැග්ගා වෙන තැනකින්..
උන් ටික කම්මුල් ඉඹිනවා ඉවරයක් නෑ.
මට සේරම පේනවා කණ්ණාඩියෙන්..”

“බොසාට තේරෙනවනේ.. තුන්දෙනාම සෙට් වෙන්න යන්නෙ.
උන් බියර්, ගංජා අරවා මේවා ගොඩක් ගෙනල්ලා තිබ්බා.
එදා නම් මට ඒ ගෑනිව එපාවුණා. ඒත් ඉතින් අවුලක් නෑ,
මට ඒවා අදාළ නෑනේ බොසා… ඒක එයාගේ ලයිෆ් එකනේ…
කට්ටිය හොටෙල් එකක් ළඟ බැස්සෙ. මට එන්න කිව්වා කෝල් එකක් ගහපු ගමන්..”

“අර ගායිකාව යන්න කලින් මගේ ළඟට ඇවිල්ලා,
මේක කාටවත් කියන්න එපා කියලා රුපියල් 1000කුත් අතට ගුලි කළා..
කොහොම හරි පාටි එක ඉවර වෙද්දි පාන්දර දෙක විතර වුණා.
මම ගෑනිව ගන්න එද්දි කෙළින් ඉන්නවත් පණ නෑ.
මඟදී වමනෙත් කළා. එච්චරටම ගෑනි බීලා…
පව් බොසා… මට හිතුණේ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ,
උන් බීලා කාලා කරන්නෙත් අඬන එක..
අනේ මන්දා මට තේරෙන් නෑ උන්ගේ ජීවිත ගැන..”

-hiru