ටොයෝටා සමාගම ලොව පුරා බෙදා හරිනු ලැබූ මෝටර් රථ මිලියන 1.12ක් නැවත ගෙන්වීමට පියවර ගෙන තිබේ.
ඒ කාණ්ඩ කිහිපයක මෝටර් රථවල Occupant Classification System (OCS) සංවේදක ක්‍රියා නොකිරීමට හේතුවෙනි.
ඒ අනුව 2020 සිට 2022 දක්වා ජපානයේ නිෂ්පාදිත පහත වර්ගයේ මෝටර් රථ මෙම නැවත ගෙන්වීමේ ක්‍රියාවලියට අයත් වේ.
Avalon
Camry
Corolla
RAV4
Lexus ES250
ES300H
ES350
RX350 Highlander
Sienna Hybrid
ඉහත සඳහන් වාහන වර්ගවල කුඩා සිරුරකින් යුතු වැඩිහිටියන් සහ දරුවන් මෝටර් රථයේ ඉදිරිපස අසුන්ගෙන සිටියදී එම වායු බැලූන ක්‍රියාත්මක නොවන බවට ටොයෝටා මෝටර් රථ සමාගමට පැමිණිලි රැසක් ලැබී තිබෙන බව වාර්තා වේ.
මේ අනුව ලබන වසරේ පෙබරවාරි මාසය වන විට සිය පාරිභෝගිකයන්ට ඔවුන් මිල දී ගත් 2020 සිට 2022 දක්වා කාලය ඇතුළත නිෂ්පාදිත ඉහත කී වර්ගවල මෝටර් රථ නැවත භාර දෙන මෙන් ඉල්ලීමක් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය
Published in Gossip