Press "Enter" to skip to content

ගම්පහ ජනප්‍රිය පාසලක වැසිකිළියේ ළදරු කලලයක්

ගම්පහ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක සිසුවියන්ගේ වැසිකිළියක තිබී හමුවූ නොමේරු බිලිඳු කලලය පරීක්ෂණ සඳහා ගම්පහ රෝහල වෙත යවා තිබෙන බව ගම්පහ දිසාවේ උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

ගබ්සාවක ස්වරූපයක් පෙන්නුම් කරන මෙම කලලය පැරණි එකක් නොවන බවද එම නිලධාරියා කීවේය.

මෙම පාසලේ සනීපාරක්ෂක කම්කරුවෙකුට පසුගිය 20 වැනිදා වැසිකිළිය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී කලලය හමුවී ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් එදින පස්වරුවේ බෙම්මුල්ල පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම කලලය කාගේදැයි මෙතෙක් කිසිදු අනාරවණයක් වී නොමැති අතර බෙම්මුල්ල පොලිසියට අමතරව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ද මීට අදාළ පරීක්ෂණ සිදුකර සිටියි. කලලය සම්බන්ධයෙන් සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියා කිවේය.0