Press "Enter" to skip to content

විරසක වූ උසස්පෙළ පන්තියේ පෙම්වතුන් යුවළ තරගෙට එකිනෙකාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල යට මුදාහැරලා

වාර්තා වන පරිදි ඒ පාසල් සිසුවා සහ සිසු­විය අතර ආදර සබ­ඳ­තා­වක් ඇතිවී ඇත්තේ මීට මාස කිහි­ප­ය­කට පෙර­දීය. දෙදෙනා අතර ප්‍රේම දූතයා බවට පත්ව ඇත්තේ ඔවු­නො­වුන් සතු නවීන පන්නයේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුර­ක­ථ­නයි.

­

වත්මන් සමා­ජයේ විවි­ධා­කාර ආදර කතා අස­න්නට, දකි­න්නට ලැබේ. ඒ අතර ඇතැම් ආදර කතා බොහෝ සුන්ද­රය; ආද­ර­ණීය ය. අනු­වේ­ද­නීය සහ දුක්බර ආදර කත­න්දර ද ඒ අතර වේ.

ඒ අතර බිඳුණු පෙමට හිත රිද­වා­ගෙන දිවි නසා­ගත් පෙම්ව­තුන්, පෙම්ව­ති­යන් ගැන මෙන්ම ඇතැම් විට පෙම්ව­තාගේ, පෙම්ව­ති­යගේ ජීවි­තය සුසා­න­යෙන් අව­සන් කළ පෙම්ව­තුන් ගැනද අස­න්නට ලැබේ.

ප්‍රේම­යයි වෛර­යයි අතරේ වෙනස කෙස් ගස­කට සමාන බව සිහි ගන්වන ඒ ආදර කතා ගැන පසු­ව­දන් ලිවීම බොහෝ දුෂ්ක­රය.

ඉකුත් සතියේ අනු­රා­ධ­පු­ර­යෙන් අස­න්නට ලැබුණේ ප්‍රේමයේ අමුතු පළිගැ­නී­මක් ගැනය. ඔවු­නො­වුන්ගේ නිරු­වත් ඡායා­රූප අන්ත­ර්ජා­ල­යට මුදා­හැ­රීම සම්බ­න්ධ­යෙන් අනු­රා­ධ­පුර මූල­ස්ථා­නය පොලි­සියේ ළමා හා කාන්තා කාර්යාං­ශය මඟින් ඉකුත් 20 වැනිදා යොවුන් පෙම්ව­තුන් යුව­ළක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.

මේ අපූරු පෙම් යුවළ අනු­රා­ධ­පුර නග­රයේ පිහිටි ප්‍රධාන පාසල් දෙකක උස­ස්පෙළ පන්තියේ ඉගෙ­නුම ලබන සිසු­වකු සහ සිසු­වි­යක වීම විශේ­ෂ­ත්ව­යකි.

පොලි­සිය පව­සන පරිදි එම සිසු­වාගේ ජංගම දුර­ක­ථ­නයේ වටි­නා­කම රුපි­යල් 1,25,000ක් පමණ වන අතර සිසු­වි­යගේ දුර­ක­ථ­නයේ වටි­නා­කම රුපි­යල් හත­ළිස් දහ­සක් පමණ වේ. යොවුන් පෙම්ව­තුන්ගේ දුර­ක­ථන සංවාද ප්‍රේම­ණීය අල්ලාප සල්ලා­ප­ව­ලට පම­ණක් නොව විවි­ධා­කාර ඉරි­ය­ව්ව­ලින් එකි­නෙ­කාගේ නිරු­වත් සෙල්ෆි ඡායා­රූප හුව­මාරු කර­ගැ­නීම දක්වා දුර­දිග ගොස් ඇත.

තාරු­ණ්‍යයේ හුදු ආශා අතර ඔහේ නිද­හසේ ගලා­ගෙන යන ඒ ආදර කතා­වට විරා­ම­යක් වැටෙන්නේ කිසි­යම් කරු­ණක් නිසා පෙම්ව­තුන් අතර විර­ස­ක­යක් ඇති­වී­මෙනි.

එතැන් සිට ඔවුන් දෙදෙනා හැසි­රෙන්නේ එකි­නෙකා සමඟ අම­නා­ප­යෙනි. ප්‍රේම­යෙන් සැන­සෙ­නවා වෙනු­වට විර­හ­වෙන් රිදුණු සිත් ඉන්පසු නැඹුරු වන්නේ එකි­නෙ­කා­ගෙන් පළි­ගැ­නී­ම­ටය.

සැබෑ ප්‍රේමයේ රුව­ගුණ හඳුනා ගැනී­මට තරම් මුහු­කුරා ගිය අව­බෝ­ධ­යක් නැති පාසල් සිසු­විය ප්‍රේමය බිඳ වැටීම නිසා පෙම්වතා කෙරෙහි සිතෙහි වන වෛරය සංසි­ඳුවා ගැනී­මට තෝරා ගන්නේ අපූරු ක්‍රම­යකි.
කේන්තිය, ආවේ­ගය පාල­නය කර­ගැ­නී­මට නොදත් ඇය සිය පෙම්ව­තාගේ නිරු­වත් ඡායා­රූ­ප­යක් මුහුණු පොතට මුදා­හ­රින්නේ එයින් විය හැකි හානිය පිළි­බඳ අබ­මල් රේණු­ව­කුදු දුර­දිග නොසිතා නොවේ.
ඇයගේ ඒ ක්‍රියා­වෙන් කෝප­යට පත් පෙම්ව­තාද තම දුර­ක­ථ­නයේ ගබඩා කර­ගෙන තිබූ පෙම්ව­ති­යගේ නිරු­වත් ඡායා­රූ­ප­යක් මුහුණු පොතට මුදා හරින්නේ ඉන් අන­තු­රු­වය. එතැ­නින් ඇරඹි ප්‍රේමයේ පලි­ගැ­නීම දුර දිග යන්නේ දෙදෙනා විසින් එතැන් සිට දිගින් දිග­ටම එකි­නෙ­කාගේ නිරු­වත් සෙල්ෆි ඡායා­රූප මුහු­ණු­පො­තට එක්ක­ර­මිනි.

අව­සා­නයේ නිරු­වත් ඡායා­රූප මුහු­ණු­පො­තට මුදා­හැ­රීමේ වරද මුලින්ම කළ සිසු­වි­යට සිදු­වන්නේ නීතියේ පිහිට පැතී­ම­ටය. සිය පාසල් පෙම්වතා පිළි­බඳ ඇය විසින් පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරන්නේ ඒ අනු­වය. එම පැමි­ණි­ල්ලට අනුව පොලි­සිය විසින් සැක­කාර සිසුවා අත්අ­ඩං­ගු­වට ගැනුණු අතර එහිදී ඔහුද තමාගේ නිරු­වත් ඡායා­රූප මුහු­ණු­පො­තට මුදා හැරීම සම්බ­න්ධ­යෙන් තම හිටපු පෙම්ව­ති­යට විරු­ද්ධව පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කළේය.

ඒ අනුව සිසු­වි­යද පොලිස් අත්අ­ඩං­ගු­වට පත්විය.

පෙම්ව­තුන් යුවළ විසින් එකි­නෙ­කාට විරු­ද්ධව ඉදි­රි­පත් කළ පැමි­ණිලි නිසා ඔවුන් දෙදෙ­නා­ගේම ජංගම දුර­ක­ථ­නද පොලිස් භාර­යට පත් විය. පොලි­සිය විසින් කළ පරී­ක්ෂා­වේදී හෙළිව ඇත්තේ සිසු­විය විසින් විවිධ අව­ස්ථා­වල විවි­ධා­කාර ඉරි­ය­ව්ව­ලින් නිරු­ව­තින් ලබා­ගත් සෙල්ෆි ඡායා­රූප 157ක් පෙම්වතා සිය ජංගම දුර­ක­ථ­නයේ ගබඩා කර­ගෙන ඇති බවයි.

එමෙන්ම පෙම්වතා විසින් වරින් වර පෙම්ව­ති­යගේ දුර­ක­ථ­න­යට යැවූ ඔහුගේ නිරු­වත් සෙල්ෆි ඡායා­රූප 110ක් ඇයගේ ස්මාර්ට් ජංගම දුර­ක­ථ­නයේ ගබඩා කර­ගෙන ඇති බව පොලි­සිය විසින් සොයා­ගෙන ඇත. ඒ ඡායා­රූප සියල්ල ඔවුන් දෙදෙනා විසින් දුර­ක­ථ­නය ඔස්සේ පෙම් සුව විඳි අව­ස්ථා­ව­ලදී සීමා­මා­යිම් නොමැ­තිව හුව­මාරු කර­ගත් එකි­නෙ­කාගේ නිරු­වත් ඡායා­රූ­පය.

පොලි­සිය විසින් සැක­කාර පාසල් සිසුවා සහ සිසු­විය අනු­රා­ධ­පුර වැඩ බලන මහේ­ස්ත්‍රාත් ආකාශ් නදී කුරේරා හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් පසුව රුපි­යල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප­මත මුදා­හැර තිබුණි. වැඩි­දුර නඩු විභා­ගය සඳහා මැයි මස 21 වැනිදා ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත. සිසුවා සහ සිසු­විගේ ජංගම දුර­ක­ථන අධි­ක­ර­ණය භාර­යට ගෙන පොලිස් තොර­තුරු තාක්ෂණ ඒක­ක­යට යවා වැඩි­දුර පරී­ක්ෂණ සිදු­කි­රී­මට නිය­මි­තය.

අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඊ.එම්. සංජීව මහ­නා­මගේ උප­දෙස් මත ළමා හා කාන්තා කාර්යාං­ශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂිකා පී.යමුනා කාන්ති, පොලිස් සැර­ය­න්ව­රුන් වන ඒ.සී දයා­නන්ද හා බස්නා­යක යන නිල­ධා­රිහූ වැඩි­දුර පරි­ක්ෂණ සිදු කරති.

මෙවැනි සිදු­වී­ම්ව­ලින් සනාථ වන්නේ සැබෑ ප්‍රේමය ගැන කිසිදු හැඟී­මක් නැතිව නවීන දුර­ක­ථන උපාංග සහ මෙව­ලම් ඇසු­රෙන් අමුතු වින්ද­න­යක් සොයන මෙවැනි නව යෞවන යෞව­නි­යන් හෙට දවසේ තම­න්ටත් ලෝක­ය­ටත් වෛර කරන පිරිමි සහ ගැහැනු ලෙස සමා­ජ­ ග­ත­වී­මෙන් සිදු­වන වරද නිවැ­රදි කර­න්නට නම් ආකල්ප වෙන­සක් අවැසි බවය.

පාසල් වියේ පසු­වන දරු­වන් සිය දෑස් මාන­යෙන් සහ හද­ව­තින් අත­හ­රි­න්නට ඉක්මන් වන මවු­පි­යන්ට මෙවැනි සිදු­වීම් යළි යළිත් පසක් කර දෙන්නේ දරු­වන් පිළි­බඳ වන නිමා නොවන අසී­මිත වග­කීම ගැනයි. දහස් ගණන් වටිනා නවීන තාක්ෂණ මෙව­ලම් සමඟ ගනු­දෙනු කරන යොවුන් දරු­වන් ගැන මවු­පිය අව­ධා­නය අත්නො­හළ යුතු බවයි.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “සිළුමිණ” පුවත්පතෙන්..