Press "Enter" to skip to content

නගරයක් බියට පත් කළ ‘කිම්බා’ අල්ලයි

රෝමයේ ලැඩිස්පොලි නගරයේ සිංහයෙක් නිදැල්ලේ සැරිසැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාත්‍රි කාලයේ සිංහයා නගරයේ සැරිසරන අයුරු නගර වැසියන් දසුන් ජංගම දුරකතනවලින් පටිගත කර ඇති අතර, එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන් ය.

‘කිම්බා’ නමැති මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයත් එකකු බවත්, සිංහයා සර්කස් කණ්ඩායමෙන් පැන ගොස් නගරයේ සැරිසැරූ බවත් පසුව අනාවරණය විය.

පැය පහකට අධික කාලයක් සිංහයාව අල්ලා ගැනීමට ගත වී ඇති අතර, පසුව සිංහයාව නැවතත් භාරකරු වෙත ලබා දී ඇත.

සිංහයා කූඩුවෙන් පැනගිය අයුරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.