Press "Enter" to skip to content

“අනේ අයියේ මම තාම පොඩියි…” – ප්‍රසිද්ධ පාසලක දැරියකගේ නිරුවත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ

මොරවක ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසකට යොමු කරන ලදැයි කියන 20 හැවිරිදි සැකකාර තරුණයකු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම දැරිය, ඇයගේ නිවස තුළදීම සැකකරු 11 වතාවක් දූෂණය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

දැරියගේ දෙමාපියන් රැකියා සඳහා නිවසින් පිටව යන අවස්ථාවේදී, සැකකරු පැමිණ දැරිය දූෂණය කර තිබෙන බවත්, එලෙස දූෂණය කරන අයුරු සැකකරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරියෙක් සඳහන් කළා.

එලෙස ලබාගත් නිරුවත් වීඩියෝ දර්ශන සැකකරු වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ සිය මිතුරන් වෙත යොමුකර තිබෙන බවත්, එම දර්ශන දැරියගේ විදුහලේ විදුහල්පතිවරයා වෙතද ලැබී ඇතැයිද පොලිසිය විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා.

වින්දිත දැරිය ළමා නිවාසයක් වෙත යොමුකර සැකකරු මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබුණා.

More from GossipMore posts in Gossip »