Press "Enter" to skip to content

මාපියන් සසුන්ගත වූ දරුවාට මොකද වෙන්නේ? – බැනපු කවුරුත් නොහිතපු දේ මෙන්න

නිකිනි පොහොය දිනයේ ගෝසිංහ වන අරණේ ආරාම පූජාව බොහෝ කතාබහට ලක් වූ දෙයක් වුණා.

තම දේපල, ව්‍යාපාර,සියල්ල විකුණා එම මුදලින් යශෝධරා මෙහෙණි ආරාමය නමින් ආරාමයක් තැනීමට ඔවුන් කටයුතු කර මුළු පවුලම සාසනයට ඇතුළත් වුණා.

නමුත් ගැටීම ආරම්භ වන්නේ ඉන්පසුවයි.

කුඩා දරුවෙකු තනි කර දෙමව්පියන් සසුන් ගත වුණා කියමින් බොහෝ දෙනා විවේචන ඉදිරිපත් කළා.

නමුත් තව නොබෝ දිනකින් එම දරුවාත් සාසනයට ඇතුළත් කර ගන්නා බවත් සමාජ මාධ්‍ය තුළ පළ වුණා.

ඒ කෙසේ වෙතත් මෙයට විවේචන ඉදිරිපත් කරන අය වෙනුවෙන් පැවසීමට දෙයක් තිබෙනවා.

පවුල් පිටින් මහන වූ ඔවුන් දරුවා තනිකර ගියේ නෑ.

සසුන්ගත වීම දුකින් මිදීමට මාර්ගය සකස් කර ගැනීමක් මිස සැපෙන් දුකට යාමක් නොවේ.

දරුවෙකු මහණ කරවීම ඔබ දකිනා ලෙස එම දරුවා දුකට ඇද දැමීමක් නොවේ.

අප නොදකින පරම සැපය සොයා යාමට ඔහුට අවස්ථාව ලැබී ඇත.

බුදු හිමියන් පවා රජ සැප විඳිමින් සිටි රාහුල හිමියන්ව සසුන්ගත කළා.

ශාක්‍ය පරපුරත් සසුන්ගත කළා.

ඉතින් ගෝසිංහ වනයේ අම්මයි තාත්තයි එක්කම එම දරුවාත් ගිහි අපට ළංවීමටත් නොහැකි සැපය සොයා ගොස් අවසන්.

දුකෙහිම හිඳිමින් දුක මෙයැයි සැප මෙයැයි කියා හරි හැටි හඳුනා ගැනීමටවත් නොහැකි අප පින්වන්ත පවුලට ගැරහීම නොකළ යුතුයි.

More from GossipMore posts in Gossip »