වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි සඳහන් කළේ,
“ජනාධිපතිතුමා ජපානයේ ගිය වෙලාවේ අපේ අපනයනකරුවන් හමුවෙලා කියලා තිබ්බා. තව ටික කාලයකට වාහන ගේන්න අමාරුයි කියලා. තව විසඳන්න ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා කියලා. “
“මේ ක්ෂේත්‍රයේ දැනුම තිබෙන්නේ අපිට. අපිට පුළුවන් මේක කරන්න. ඩොලර් යන්නේ නැතුව ජපානයෙන් අපිට ණය අරගෙන කරන්න පුළුවන්. අලුත් වාහනයකින් 70%ක් අඩුවෙන් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවේ දැන් තිබෙන VITZ කාර් එකක් ජපානයෙන් අපිට ගන්න පුළුවන් 2017 එකක් ලක්ෂ 10ක් 12කට විතර. ඒ වගේ වාහනයක් අපිට මෙහෙ සාධාරණ මිලකට දෙන්න පුළුවන්.”
කෙසේවෙතත්, පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ, පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බවයි.






