Press "Enter" to skip to content

බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝාතකයා

බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලේ හෙදියක් වරදකාරියවී තිබේ.

ඒ බ්‍රිතාන්‍යයේ දරුණුතම ළමා ඝාතකයා බවට පත්වෙමිනි.

33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගතවු වසරක කාලය තුළ ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් රෝහල තුළ සිදුවු මෙම බිළිඳු මරණ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොකිරීම පිළිබඳව එම රෝහල් බලධාරීන් හට චෝදනා එල්ලවී තිබේ.

අදාළ හෙද නිලධාරිනියගේ සැකකටයුතු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇතැම් වෛද්‍යවරුන් රෝහල් බලධාරීන්ට පැමිණිලි කර තිබුණද ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »