Press "Enter" to skip to content

අවු. 8ක දැරියක් ගමන් මල්ලක දමාගෙන පැහැරගෙන යයි

වයස අවුරුදු 8ක දැරියක් ගමන් මල්ලක දමාගෙන පැහැරගෙන ගිය පුවතක් පිලිපීනයෙන් වාර්තා වේ.

ඇයව පැහැරගන්නා අවස්ථාව වනවිට නිවසේ කිසිවෙකු සිට නොමැති අතර නිවස වෙත පැමිණි දැරියගේ මව නිවසේ දැරිය නොමැති බව දැක කඩිනමින් CCTV දර්ශන පරීක්ෂා කර ඇත.

එහිදී නිවාස සංකීර්ණයේ සැකසහිත ලෙස ගමන් මල්ලක් රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව සැකසිතී තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී එලෙස ගමන් මල්ලේ දමාගෙන ගිය දැරිය නිරුපද්‍රිතව බේරාගෙන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවාස බලාගැනීමේ සේවයේ නිරත පුද්ගලයෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම නිවැසියන්ගෙන් පළිගැනීම සඳහා මෙලෙස දැරිය පැහැරගත් බවයි.

More from GossipMore posts in Gossip »