තම සිඟිත්තියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවට අපස්මාර රෝගය වැළඳීම නිසා ආහාර අනුභව කරමින් සිටි දියණිය අනුභව කරමින් සිටි ආහාර උගුරේ සිරවීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බගවන්තලාව බි්‍රඩ්වේල් වත්තේ පදිංචි අරුමුගන් අගල්යා නැමති සිඟිත්තියයි.
සිඟිත්තියගේ මව දිවා ආහාර පිලියෙල කර නිවස තුළදී සිඟිත්තියට ආහාර ලබා දී ඇති බවත්, එම අවස්ථාවේ එකවරම මවට අපස්මාර රෝගය වැළඳීම නිසා ආහාර අනුභව කරමින් සිටි සිඟිත්තියගේ උගුරේ ආහාර සිරවීමෙන් මව බදාගෙන බිම වැතිරී සිටියදී අසල්වාසීන් විසින් මව සහ සිඟිත්තිය (25) දින රෝහල්ගත කළ අවස්ථාවේ සිඟිත්තිය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
ජීවිතක්ෂයට පත් සිඟිත්තියගේ මව දිගු කාලයක් අපස්මාර රෝගයෙන් පෙලී ඇති බවත්, ඒ සඳහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මියගිය සිඟිත්තියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇත..
Published in Uncategorized