Press "Enter" to skip to content

අබිරහස් ලෙස මංගල රෑ අවසන් ගමන් ගිය යුවළ

ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, භාරයිච් දිස්ත්‍රික්කයේ තරුණ යුවළක සිය විවාහ උත්සවයෙන් දිනකට පසු නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අබිරහසක්ව පැවති ඔවුන්ගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අනාවරණය වී ඇති බව ය.

එහිදී තහවුරු වී ඇත්තේ, මනාලිය හා මනාලයා හෘදයාබාධවලින් මිය ගිය බව ය.

22 හැවිරිදි ප්‍රතාප් යාදව්, 20 හැවිරිදි පුෂ්පා සමග විවාහ වී ඇත්තේ, මැයි 30 වන දා ය.

විවාහ උත්සවයෙන් පසු ඔවුන් දෙදෙනා ම සිය කාමරය වෙත ගොස් ඇති අතර පසු දා උදෑසන මිය ගොස් සිටියදී හමු වී ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, වාර්තාවලට අනුව, මෙම යුවළට හෘදයාබාධ පිළිබඳ පූර්ව රෝග ඉතිහාසයක් නොතිබී ඇති බව ය.

ඔවුන් නිදා සිටි කාමරයේ පැවති දුර්වල වාතාශ්‍රය හේතුවෙන් නිදා සිටියදී හුස්ම ගැනීමට ඇති වූ අපහසුතාව මත ඇති වූ හෘදයාබාධයකින් ඔවුන් මිය ගොස් ඇතැයි පොලිසියට සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, බල්රාම්පූර් පොලිස් අධිකාරී ප්‍රශාන්ත් වර්මා සඳහන් කර ඇත්තේ, මෙම යුවළගේ මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා ලක්නව්හි පිහිටි රාජ්‍ය අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට ඔවුන්ගේ සිරුරුවල අභ්‍යන්තර කොටස් සංරක්ෂණය කර ඇති බව ය.

More from GossipMore posts in Gossip »